nsb

Jan 05, 2017

පාතාල රත්තරන්ට වෙඩි

මුල්ලේරියාව කැලණිමුල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තාවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරුවකු සහ පාතාල ක‍්‍රියාකාරිකයෙකු බව කියන රත්තරන් නාමයෙන් හදුන්වන 36 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලිසිය විශ්වාසය පළ කරයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද උදෑසන වන අතර සැකකාර පුද්ගලයා කැලණිමුල්ල ප්‍රදේශයේ සිට අංගොඩ ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

අංගොඩ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් අංගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top