Jan 05, 2017

ජනපතිගේ පොරොන්දුවෙන් ලොතරැයි වර්ජනය නවතී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

තම ඉල්ලීම් වලට විසදුමක් ලබා දෙන බවට ජනාධිපතිවරයා වූ පොරොන්දුව මත වර්ජනය අවසන් කළ බව ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ කියා සිටියි.

ලොතරැයි පතක මිල රු 30 දක්වා ඉහළ නැංවීමට සහ අලෙවි නියෝජිතයන්ට ලබා දෙන කොමිස් මුදල වැඩි නොකිරීමට එරෙහිව සමස්ත ලංකා ලොකරැයි අලෙවි නියෝජිතයන් දින 5 ක් පුරා වර්ජනයක නිරතවුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top