nsb

Jan 06, 2017

මහින්දගේ උප සභාපතිට ආණ්ඩුවෙන් කෝටි 3ක වාහනයක්

දකුණු පළාත් සභාවේ උප සභාපතිවරයාට රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ගෙන්වා ඇති බව ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

මේ මෝටර් රථය ගෙන්වා ඇත්තේ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් බවද ඔහු කීය.

"පළාත් සභාවට මධ්‍යම රජයෙන් ලබා දෙන මුදල් කප්පාදු කරලා කියලා නාහින් හඩනවා. එහෙම තියෙද්දි කෝටි ගණනක මුදල් වියදම් කරලා සුපිරි වාහන ගෙන්වනවා. මේවාට කියන්නේ ඩීල් කියලා. වරදාන වරප්‍රසාද ලබා දීලා මන්ත්‍රිවරුන් නම්ම ගන්න මෙව්වා කරන්නෙ. අද රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. අයවැයට කලින් මන්ත්‍රිවරුන්ගේ රියදුරු දීමනාව වැඩි කළා. තැපැල් පහසුකම් දීමනාව වැඩි කළා, මන්ත්‍රී ප්‍රතිපාදන දිමනාව. වැඩි කළා“ යනුවෙන්ද නලින් මහතා කියා සිටියේය.

මේ මෝටර් රථය ගෙන්වා ඇත්තේ උප සභාපතිවරයා වෙන්වෙන් බව දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා මේවන විට තහවුරුකර තිබේ.

දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා මේ ගැන මෙසේ කියා සිටියේය.

“මෙම මෝටර් රථය භාරගන්නවාද නැද්ද කියලා මම තාම තින්දු කරලා නැහැ. මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කත් සාකච්ඡා කරනවා. වරදාන වරප්‍රසාද දිලා අපි කාටවත් නම්ව ගන්න බැහැ. මෝටර් රථය ගෙනවිත් තියෙන්නේ උප සභාපති තනතුරට“

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top