nsb

Jan 07, 2017

තරුණයින්ට රස්සාත් නෑ : සල්ලිත් නෑ - විජයමුනි

තරුණයින්ට රක්ෂාත් නොමැති බවත්, එනිසාම අතමිට සල්ලිත් හිඟ බැවින් දක්ෂිණ සංවර්ධන වැඩසටහන හරහා ඒ අවස්ථාවන් උදාකරගනිමින් ආර්ථික අසහන ගිනිකන්ද පිපිරීම වැලැක්විය හැකි යැයි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.

දක්ෂිණ සංවර්ධන වැඩසටහන එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

දක්ෂිණ සංවර්ධන වැඩසටහන හම්බන්තොට එපා නම් මොණරාගලට ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

කෙසේවුවද, රස්සා දීමේදී නාමල් තියරිය ක්‍රියාත්මක කළ යුතු බව කී ඔහු නාමල් තියරිය යනු මුලින්ම තම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීම බව යැයි පැහැඳිලි කළේය.

අගමැතිවරයාගේ කතාවේදී දක්ෂිණ සංවර්ධන වැඩසටහන මොණරාගලට දෙන්නේද නැද්ද යන්න කිව යුතු බවද ඔහු කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top