15976 BM WEB BANNER 01
Jan 07, 2017

පන්සල්වල ඉඩම් ගන්නේ නෑ -අගමැති

රුහුණු ආර්ථික කලාපය ඉදිකිරීමේදි පන්සල්වල ඉඩම් මෙන්ම පුරා විද්‍යා ස්ථානවල ඉඩම් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

එසේම ඒ සඳහා වෙන් කරන්නේ 95%ක්ම රජයේ ඉඩම් බවත් හම්බන්තොට ආර්ථික කලාපයට මුල්ගල් තබමින් අද (7දා) අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රුහුණු ආර්ථික කලාපය ඉදිකිරීම පිළිබඳව සාගල රත්නායක අමාත්‍යවරයාගේ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සම සභාපතිත්වයෙන් කමිටුවක් පත්කරන බවත් ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාව බලගතු රාජ්‍යයක් බවට පත්කිරීම රජයේ අරමුණ බවත් එය කිසිවෙකුට නැවැත්වයි නොහැකි බවත් ඔහු සඳහන් මෙහිදි සඳහන් කළේය.

චීනයෙන් තවත් බිලියන 5ක්

මේ අතර චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතා පවසන්නේ, ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපයේ ඉදිරි වසර පහ තුළ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මෙම සංවර්ධන කලාපය ආරම්භ කිරීමෙන් පසුව රැකියා ලක්ෂයක් උත්පාදනය වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top