Jan 07, 2017

හම්බන්තොට ගැටුමෙන් 27ක් රෝහලේ ! 23 කූඩුවේ ! (UPDATE)

හම්බන්තොට පැවති නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තුවාල ලැබූ 27 දෙනකු මේවනවිට හම්බන්තොට, අම්බලන්තොට සහ සූරියවැව රෝහල්වෙත ඇතුළත්කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මින් 11 දෙනෙකු පොලිස් නිලධාරීන් බව පැවසේ.

මේ සම්බන්ධයෙන් 23 දෙනකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බව පොලිසිය පවසයි.


----------------

හම්බන්තොට ගැටුමෙන් 10කට තුවාලයි (ඡායා)

Update

- දක්ෂිණ සංවර්ධන වැඩසටහන එළිදැක් වූ හම්බන්තොට උත්සව භූමියේ ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පොලිසියේ තිදෙනෙකු ඇතුළුව දස දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් මෙම පරිශ්‍රයේදී උද්ඝෝෂකයින් සහ තවත් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

එම ත්ත්වය පිළිබඳව හිරු වාර්තා වාර්තා කරතිබුණේ මෙසේය.

හම්බන්තොට උණුසුම්. විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

දක්ෂිණ සංවර්ධන වැඩසටහන එළිදැක්වීමට නියමිත හම්බන්තොට උත්සව භූමියේ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති බව වාර්තා වෙයි.

ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් මෙම පරිශ්‍රයේදී උද්ඝෝෂකයින් සහ තවත් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අතිවිශාල මහජනතාවක් සහභාගී වී සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top