Jan 08, 2017

ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය අද : බණ්ඩාරනායක ජන්ම දිනත් අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය අද (08) යෙදී තිබේ.
 
තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික සම්භාවනාව අද
 
තෙවැනි වසරේ ඇරඹුම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ‘තිරසර යුගයක තෙවසර ඇරඹුම’ ජාතික සම්භාවනාව අද (08) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 
 
වසර 2017 දී දිළිඳුකමින් තොර රටක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළ මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ. 
 
අද පැවැත්වෙන තිරසර යුගයක් සම්භාවනාවේ ප්‍රධාන දේශනය සඳහා ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ මහ ඇමැති ආචාර්ය චන්ද්‍ර බාබු නායිදු මහතා ද සහභාගි වේ.
 
බණ්ඩාරනායක ජන්ම දින පින්කම් අද
 
බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද (08) කොළඹ ජනාධිපති මන්දිරයේදී මහා සංඝ රත්නය 1500 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත මේ පින්කම සංවිධාන කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top