15976 BM WEB BANNER 01
Jan 09, 2017

හම්බන්තොට විරෝධතාවයේ 32 ක් රිමාන්ඩ්

උසාවි නියෝග නොතකමින් උද්ඝෝෂණය කරමින් පොදු දේපොළවලට හානි කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ 32 දෙනෙක් ජනවාරි 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (9) නියෝග කළේය.

මෙම පිරිස අතර හිමනමක් සහ බාලවයස්කාර දරුැවකුද සිටින බව වාර්තාවේ.

මෙම බාලවයස්කාර දරුවාව ගාල්ල,කිතුලම්පිටිය ළමා නිවාසය භාරයට පත්කරන ලෙස මහේසුත්‍රාත්වරයා නියෝග කර තිබේ.

හම්බන්තොට නව ආයෝජන කලාපයේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවය අතරවාරයේදී කලහාකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top