nsb

Jan 09, 2017

චීනයේ වන ඇමති ලංකාවට !

මෙරට ජාතික වනෝද්‍යාන ඇතුළු සත්වෝද්‍යාන සංවර්ධනය කිරීම සඳහා චීන රජයේ සහයෝගය ලබාදීමේ අරමුණෙන් චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍ය චෙන් ෆෙන්සුයි මහතා (Chen Fengxue) ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය විසින් කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපොළේදී උප අමාත්‍යවරයා ඇතුළු චීන නියෝජිත පිරිස පිළිගෙන තිබේ.

ගුවන් තොටුපොළේ අමුත්තන්ගේ ආලින්දයේදී ඇමතිවරයා සමඟ සුහද පිළිසඳරක යෙදුනු උප අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සංවර්ධනය කිරීමට සහාය ලබාදීම සිය සංචාරයේ අරමුණ බව කියා සිටියේය.

මෙරට ජාතික උද්‍යාන හා සත්වෝද්‍යාන සංවර්ධනය කිරීමට චීන රජයේ සහයෝගය හිමිවීමෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බව සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනාවකට අනුව පැමිණෙන මෙම චීන නියෝජිත පිරිස රිදියගම සෆාරි උද්‍යානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව උඩවලව ජාතික උද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය නිරීක්ෂණය කිරීමට ද නියමිතය. ඒ සඳහා ජයවික්‍රම අමාත්‍යවරයාද සහභාගි වීමට නියමිතය.

China1 600px 17 01 09

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top