15976 BM WEB BANNER 01
Jan 10, 2017

FCIDය ඉදිරිපිට නොසන්සුන් බවක් (update)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට නොසන්සුන් වාතාවරණයක් ඇතිවී තිබේ.

එම ස්ථානයට රැස්වූ පිරිසක් සටන් පාඨ කියමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට රැදී සිටියේය.

විමල් අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

update 12.24pm

--------------------------------------------------------------------------------------------

විමල් අද රිමාන්ඩ් කරන ලකුණු !

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (10) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති අතර ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද දිනයේ තමාව රිමාන්ඩ් බාරයට පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි තම දේශපාලන හිතවතුන්ට දැනුම් දී ඇති විරවංශ මන්ත්‍රීවරයා, කෙසේවුවද තමා බන්ධනාගාර රෝහලට ඇතුලත් නොවන බව ද අවධාරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති දේශපාලන සම්බන්ධතාව අත්හරින ඕනෑම අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පිළිගෙන ශ්‍රීලනිපය ඇතුළු  එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශප්‍රේමී බලවේගවල එකතුවෙන් යුතු ආණ්ඩුවකට සහාය දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ  සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල යන මහත්වරුන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වෙත එකඟතාව පළකර තිබු බවට පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණ.

 පසුගිය 06 වන දා ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට ආරංචියක් පැතිර ගිය අතර එවැනි තත්ත්වයක් මතුවී ඇත්නම් තමන්ට කළ හැකි සෑම උපකාරයක්ම කරන බවට ප්‍රධාන අමාත්‍යවරයා එහි දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කර ඇති බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

සබැඳි පුවත්

මෛත්‍රී සමඟ ආණ්ඩුවක් හදන්න විමල් - ගම්මන්පිල එකඟයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top