Jan 10, 2017

හිරුණිකා රෝහලේ

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රෝගී තත්වයක් නිසා රෝහල් ගතව සිටීම හේතුවෙන් නඩුව විභාගය අප්‍රේල් 26 වැනි දා දක්වා කල් තැබීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (10දා) නියම කළේය.

මෙම නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා කැඳවනු ලැබු මුත් මෙහි ප්‍රධාන විත්තිකාරිය නොමැති වීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top