nsb

Jan 11, 2017

මොරගහකන්දේ මංගල දියවර නිකුත් කෙරේ

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේ ‘‘මංගල දියවර රැදවුම් මංගල්‍යය’’ අද(10දා) සුබ මොහොතින් ආරම්භ විය.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම ව්‍යාපෘතිය මගින් මාතලේ, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්ති‍්‍රක්කවල කෙත් බිම්වලට ජලය සැපයීමට නියමිතය.

රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට විසඳුමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබාදීමද ව්‍යාපෘතියේ තවත් අරමුණකි.

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආදායමක් අපේක්ෂා කරන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ 2කි.

මෙම ව්‍යාපෘතිය නිම කෙරෙන්නේ වර්ෂ 2020 දීයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top