Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 11, 2017

රවිරාජ් ඝාතන සිද්ධිය නැවත විභාගයට ගන්නැයි ඇපෑලක්

නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අහෝසි කර එම නඩුව නැවත විභාග කිරීමට මහාධිකරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

අදාළ නඩුව විභාග කළ විශේෂ ජූරි සභාව හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩුව සම්බන්ධයෙන් නීතිමය කරුණු ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කිරීමක් සිදුනොකළ බව නීතිපතිවරයා අභියාචනාධිකරණ‍ය හමුවේ දැනුම් දී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා අළුයම ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී චෝදනා එල්ල වී තිබු විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කෙරුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top