Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 12, 2017

'රනිල්ටත් ජම්පරයක් අන්දවනවා' - වීරකුමාර

ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුවක් යටතේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ජම්පරයක් ඇදගෙන වැලිකඩ බන්ධනාගාරගත වීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඊට සුදානමින් සිටින්නැයි ඔහු අගමැතිවරයාට දැනුම්දී සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. 

විමල් වීරවංශ මහතා අද රිමාන්ඞ් කර සිටින්නේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අනුබල දුන්නේ යයි ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ විසින් දුන් කට උත්තරයක් මත බවද කී ඔහු, මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කිරීමට තමනට උපදෙස් දුන්නේ අගමැති රනිල් යයි හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් දුන් ලිඛිත කට කට උත්තරයක් කෝප් වාර්තාවේ ඇතැයිද සදහන් කලේය.

ඒ අනුව වීරවංශ මහතා රිමාන්ඞ් කරනු ලැබූ ක්‍රමවේදයම අගමැති රනිල්ටද අදාල වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top