nsb

Jan 12, 2017

මහනුවර රෝහලේ 65 වාට්ටුව වහලා

මහනුවර රෝහලේ වකුගඩු රෝගීන් තිදෙනකු  මිය යාමෙන් පසු ඔවුන් නේවාසික ප්‍රතිකාර ලබා ගත් වාට්ටු අංක 65 වසා දැමූ බව  රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මියගිය රෝගීන් තිදෙනාට ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසය ශරීර ගත වී ඇති බවට සැකකරන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි. වකුගඩු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන එම වාට්ටුවේ සිටි සියලුම රෝගීන්  ඉතා සුරක්ෂිත ආකාරයට වෙනත් විශේෂ ඒකකයකට  මාරුකර යවා ඇති බව වාර්තාවේ.

රෝහල් කාර්ය මණ්ඩලයට හෝ වෙනත් රෝගීනට මෙම වෛරසය ශරීර ගතව ඇත්දැයි   සෙවීමට විශේෂ පරීක්ෂණයකට යොමු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top