nsb1221

Jan 12, 2017

විදේශිකයන්ට තාවකාලික වීසා ලැබෙන විදියක්

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික විදේශීය ආයෝජන සිදුකරන තනි පුද්ගලයන් සඳහා මෙරට තුළ වසර පහක කාලයක් රැඳී සිටීමට වීසා නිකුත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද(12දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඒ අනුව මෙම තීරණය 2017 අයවැය යෝජනාවේ තිබූ විදේශීය ආයෝජන සඳහා පහසුකම් සැපයීම සම්බන්ධ කරුණ ක්‍රියාවට නැංවීමක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 අදාළ නීතිය තවත් සති කිහිපයක් තුළ නීතිගත කිරීමටද බලාපොරොත්තු වන බවත් කරුණානායක මහතා මෙහිදී සඳහන් කළේය.

Top