15976 BM WEB BANNER 01
Jan 13, 2017

ජනපති කාර්යාලයෙන් ඇලබඩවත්ත වටලන්න යයි

ඇලබඩවත්ත - බලගල ගම්වල නීති විරෝධී ගොඩ කිරීම්ල කුණු හා සෞඛ්‍ය ගැටළු ඇතිකරන පරිසර විනාශයන් වැලැක්වීමට ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය ප්‍රමුඛ රජයේ ආයතන කිහිපයක් අද (13) වැටලීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වැටලීමට සෞඛ්‍ය අමාත්‍යංශය,  ඇමති ජෝන් අමරතුංග මහතාගේ විශේෂ කණ්ඩායමක් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් එක්වීමට නියමිත බව පැවසේ.

කානු, බෝක්කු හා ඇල මාර්ග සියල්ල ගොඩ කර සිය ඉඩමට අල්ලා ගැනීමත් කුණු අවිධිමත් ලෙස බැහැර කර ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනය වන අන්දමින් කටයුතු කිරීමත්, අනවසර දැවි තෙල් පිරිපහදු ස්ථානයක් පවත්වා දැවි තෙල් පරිසරයට මුදා හැරීමත්, එම දුම් මගින් අවට ජනතාවට ස්වසන ආබාධ ඇති වන අයුරින් කටයුතු කිරීමත් සොයා බැලීමට මෙහිදී වැඩි අවධානය යොමුවන බව පැවසේ.

ජෝන්ගෙන් තවත් කැඩිල්ලක් !

මේ මෙහෙයුමෙන් අදාල කුණුඇල එදිනම හෑරීමටත්, ඇල රක්ෂිතය වසාගෙන සිටින තාප්පය කඩා දමා ඇල රක්ෂිතය නැවත සංරක්ෂණය කර පැවරීමටත් නියමිත බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top