15976 BM WEB BANNER 01
Jan 13, 2017

විමල්ට බන්ධනාගාරයේදී නාස්තියේ ආනිසංස ගැන බණක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ දුරුතු පුරපසළොස්වක පොහොය යෙදුණු ඊයේ (12දා) බන්ධනාගාරයේදී අට සිල් සමාදන් වී ඇත.

සෑම පොහෝ දිනකම බන්ධනාගාරයේ ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා සිල්ගන්නට කැමති අයගේ අත්සන ගනිමින්  පත්‍රිකාවක් ගෙනයද්දී විමල්  වීරවංශ මහතා එය රැගෙන ආ අයගෙන් ඉල්ලා ඇත්තේ තමාවත් ලිස්ට් එකට ඇතුළත් කරන ලෙසයි. එහි රැඳවූවන් 85 දෙනෙකු එහි සිටි අතර වැඩි පිරිස වයස්ගත අය බව පැවසේ.

ඒ අනුව  උදෑසන උතුරු සළුවක් පැළඳ ගත් විමල් සිල් සමාදන්වූ වයෝවෘද්ධ පිරිස සමග පෝලිමේ ගොස් බන්ධනාගාර ආගමික මධ්‍යස්ථානය තුළට ඇතුළුවූ බවත් උදේ ධර්මදේශනාව ශ්‍රවණය කර පසුව ශාන්ත දාන්තව ඇවිද යන ආකාරය නිරීක්ෂණය වූ බවත් බන්ධනාගාර ආරංචි හෙළි හෙළි කරයි.

මේ අතර එදින පැවති ධර්ම දේශනාවේ තේමාව වී ඇත්තේ  ‘නාස්තියේ ආනිසංස‘ යන්නයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top