Jan 14, 2017

විමල්ගෙන් පස්සෙ ඊළඟට ප්‍රසන්න ?

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කළ බවට චෝදනා එල්ලවී FCID යට කට උත්තරයක් ගැනීමට පැමිණෙන ලෙස විමල් වීරවංශ මහතාට කැඳවා තිබූ පසුගිය අඟහරුවාදා ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බව සැලවීමෙන් පසුව නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් FCID ය ඉදිරිපිටට පැමිණ සිටියහ.
 
ඔවුන් එක්ව කතාබහ කරමින් සිටියදී ඊළඟට මල්ලි කෝකටත් ලෑස්තිවෙලා ඉඳපං, ඊළඟට උඹ ද දන්නෙ නෑ යනුවෙන් ජොන්ස්ටන්, ප්‍රසන්නට පැවසූ බව වාර්තා වේ.
 
ඔව් මම ලෑස්තිවෙලා ඉන්නේ යනුවෙන් ප්‍රසන්න උත්තර දුන් බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top