Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 15, 2017

පැකර් ලංකාවට එන්නෙ නෑ - රවී විජේරත්න

ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා සේ සැලැකෙන ක්‍රවුන් කැසිනෝ සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජෙම්ස් පැකර් ඩොලර් මිලියන 457ක සුපිරි හෝටලයක් ඉදිකිරීමට ලංකාවට පැමිණෙන බවට වන මාධ්‍ය වාර්තා අමූලික බොරු බව රෑන්ක් හෝල්ඩිංගස් සමූහයේ අධිපති කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මිරර් ඔහුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

මීට පෙර කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ මහල් 36 කින් යුත් හෝටලයක් ඉදිකිරීමේ අදහසින් පැකර් මහතා ලංකාවට කිහිපවතාවක් සිය පෞද්ගලික ජෙට් යානයෙන් පැමිණි අතර ඔහු ලංකාවේ ආයෝජනයක් සඳහා ලංකාවට කැඳවාගෙන එනු ලැබුවේ රවී විජේරත්න මහතාය.

කෙසේවුවද, වත්මන් ආණ්ඩුව විසින් කැසිනෝ ව්‍යාපාරය අධෛර්‍යමත්කරන ආකාරයේ බදු පැනවීමෙන් පසුව පැකර් මහතා එම අදහස අත්හැර දැමුවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top