Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 16, 2017

ෆොනී, සේනක සමග මෝඩි හමුවීමට යයි Featured

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (16) උදැසන ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ ඉන්දීය රජයෙන් ලැබුන විශේෂ ආරාධනයක් මතය.

ෆොන්සේකා මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමග ද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

මිට අමතරව ඔහු ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානින් හා එරට බුද්ධි අංශ ප්‍රධානින් ද හමුවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ඇමතිවරයා සමග ඔහුගේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධිකරණ ලේකම් විශ්‍රාමික කපිතාන් සේනක සිල්වා මහතා ද මෙම සංචාරයට එක්ව සිටියි.

fonisenaka



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top