nsb

Jan 16, 2017

අගමැති ඩාවෝස් සමුළුවට යයි

හෙට (17) සිට 21 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ‍ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) අලුයම ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.

ඔහු සමග ගිය දූත පිරිස හත් දෙනෙකි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද මෙවර සමුළුවට ඇරයුම් ලැබ සිටිති.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනාය, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවු‍දහෙට්ටි, පුද්ගලික සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්විය.


ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා පිළිබඳ මෙම සමුළුවේ දී විමසා බැලෙනු ඇති අතර, රටවල් 40කට වැඩි ගණනක රාජ්‍ය නායකයින් ද ඊට සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක ව්‍යවසායකයින් සමග සාකච්ඡා කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top