Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 16, 2017

සීමා නිර්ණ වාර්තාව: එජාප අත්සන අද නොවේ හෙට !

පළාත්පාලන කොට්ඨාස සීමා නීර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට තමා හෙට (17) දිනයේදී අත්සන් කරන බව එම කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත නීතිඥ ඒ.එස්.එම්. මිස්බා මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඒ,  එජාප නියෝජිතයා අද දිනය තුලදී මෙම වාර්තාවට අත්සන් තබනු ඇතැයි එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා මාධ්‍ය වෙත කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් කල විමසීමකදීය.

කෙසේවුවද මෙම වාර්තාවේ තවදුරටත් අපැහැදිලි තැන් ඇතැයි මිස්බා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මිස්බා මහතා මෙම වාර්තාවට අත්සන් තැබීමත් සමග වාර්තාවේ සියලු අත්සන් සම්පූර්ණ වන බව අශෝක පීරිස් මහතා පැවසිය.

ඒ අනුව හෙට දිනයේ දී එම වාර්තාව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට බාරදීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය.

පළාත්පාලන කොට්ඨාස සීමා නීර්ණයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචනා සලකා බැලීම සඳහා අදාළ කමිටුව පත් කර තිබිණ.

එහි අවසන් වාර්තාව මීට පෙර අවස්ථාවක ද පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යවරයා වෙත භාරදීමට උත්සහ කෙරුණ නමුත්,  ඒ වනවිට ඊට අත්සන් තබා තිබුණේ කමිටුවේ සාමාජිකයින් පස් දෙනාගෙන් තුන් දෙනෙකු පමණයි.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් එම වාර්තාවට අත්සන් තබා නොතිබිණ.

ඒ අනුව වාර්තාව භාරගත නොහැකි බව අමාත්‍යවරයා පැවසු අතර, පසු අවස්ථාවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයා ඊට අත්සන් තැබිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top