Jan 17, 2017

උඩුවේ හිමිගේ අලි නඩුව කල් යයි

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම  සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කිරුළපන ඇලන්මැතිනියාරාම විහාරාධිපති පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව අද(17දා) විභාගයට ගෙන තිබේ.

 පැමිණිල්ලේ පළමු සාක්කිකරු වන හිටපු නියෝජ්‍ය වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.

නඩුවේ විත්තිකාර ධම්මාලෝක හිමි අධිකරණයට පැමිණ සිටියේය.

පැමිණිල්ලේ පළමු වැනි සාක්කිකරු නොමැති වීම නිසා ඔහුට යළි සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව මාර්තු 16, 17 විභාග කිරීමට තීන්දු කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top