nsb

Jan 18, 2017

ලයින්එක ඩයලොග්නම් කොටු පනින්නෙ බලාගෙන !

ඔබේ ආදරණීයන් දැන් සිටින තැන දැන ගැනීමට කැමතිදැයි විමසමින් ඩයලොග් අලුත් සේවාවක් ආරම්භකර ඇති බව වාර්තා වේ.

ඩයලොග් ආයතනය මෙය බඩී ට්‍රැකර් (buddy tracker) ලෙස නම්කර තිබේ.

එමගින් ජංගම දුරකථනයේ නාදය නොඇසෙන ලෙස තබන (Silent), දුරකථන අංකය කාර්ය බහුල නම් ( Number Busy) , දුරකථනයේ බැටරි බැස ඇත්නම් (Battery Low) හෝ මොන දේ උනත් තත්පර ගානකින් ඔවුන් ඉන්න තැන දැන ගැනීමට ඩයලොග් දුරකථනයකින්  # 7 7 5 * 8 9 7 # Dial ඩයල් කර අදාළ පියවර අනුගමනය කිරීමෙන් හැකි බව පැවසේ.

එම පියවරල් කිහිපය පහත ජායාරූපයේ දැක්වේ.

කෙසේවවුද මේ සේවාව පුද්ගලයින්ගේ පුද්ගලිකත්වයට හානි කරන සේවාවක් බව සාමාජ ක්‍රියාධරයන්ගේ මතය වී තිබේ.

ඩයලොග් හැර මේ සේවාව ලබාගත නොහැකි බවට එම සමාගම මේ සඳහා වෙළෙඳ ප්‍රචාරයක්ද ලබාදී ඇත.


කෙසේවුවද, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පාවිච්චි කරන්නන්ට සිය ජංගම දුරකථනය අස්ථානගතවුවහොත් එය සොයා ගැනීමට මේ හා සමානම ඇප් එකක්ද හඳුන්වා දී ඇත.

එය නම්කර ඇත්තේ android device manager ලෙස වන අතර එය තම ජංගම දුරකථනයට ඇතුළත්කරගන්නා ආකාරය පහත වීඩියෝවේ දැක්වේ.
https://www.youtube.com/watch?v=fPogz1p6w9Y

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top