15976 BM WEB BANNER 01
Jan 19, 2017

"මන්ත්‍රීකමත් අතහැරියොත් තවත් ස්වාධීනයි" - සෝභිත හිමි (UPDATE)

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කිසිදු පක්ෂයකට සම්බන්ධ නොවී ස්වාධීනව සිටීමට ගත් ස්ථාවරය ඉතා යහපත් නමුත්, එය වඩාත් අර්ථවත් වන්නේ එහිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වුවහොත් පමණක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ජාතික හෙළ උරුමයේ හිටපු නායකයකු ද වන ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ, මින් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙසින් ක්‍රියාකරන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි.

"රතන හිමියන්ගේ ස්වාධීනත්වය පිළිබඳ පියවර අගය කරනවා,"සෝභිත හිමියෝ පැවසූහ.

"හැබැයි ඒ ස්වාධීනත්වය අර්ථවත් වෙන්නේ තමා දරන මන්ත්‍රී ධුර ආදියෙනුත් නිදහස් වෙලා ස්වාධීන වීමෙනුයි."

කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළ ඕමල්පේ සෝභිත හිමියෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස් වී පසුව පක්ෂයේ සභාපති ධුරයෙන් ද ඉවත්වූහ.

(බීබීසී සංදේශය)

update 8.00Am

--------------------------------------------------------------------------------------------------------------------

රතන හිමිට මන්ත්‍රී ධූරයෙන් අස්වෙන්නැයි හෙළ උරුමය කියයි

පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දැන්වීමට ජාතික හෙළ උරුමය සූදානම්වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට ද සූදානමින් සිටින බව පැවසේ.

එක්සත් ජාතික පෙරමුණ යටතේ එහි ප්‍රතිපත්ති ප්‍රකාශයට එකඟව පාර්ලිමෙන්තු මැතිවරණයට තරඟ වැදීම හරහා ජාතික හෙළ උරුමයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට රතන හිමියන් පත්කර තිබිණි.

කෙසේවුවද, රතන හිමියන් කල්ලිවාදීව කටයුතු කරන බව කියමින් එ හිමියන්ට එම මන්ත්‍රී ධූරය ලාබාදීමට එම අවසථාවේද හෙළ උරුමයේ ප්‍රධානීන් විරුද්ධ වී තිබිණි.

එම විරෝධතා නොතකා ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සොභිත හිමියන් එම මන්ත්‍රී ධූරය එම අවස්ථාවේදී රතන හිමියන්ට ප්‍රදානය කළේය.

කෙසේවුද, එජාපෙට හිමිව තිබූ එම මන්ත්‍රී ධූරය හිමිනමකට පිරි නැමීම සම්බන්ධයෙන්ද විරෝධතාවක් මතුව තිබූ අතර එජාපය එසේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිනමකට පිරි නැමූ පළමු අවස්ථාවද එය විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top