nsb

Jan 19, 2017

තාජුඩීන්ව ලුහුබැඳි වාහනය ගැන විමර්ශන

රගර් ක්‍රීඩක වසීම් තාජඩීන් ඝාතන නඩුවට සැකපිට බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා පෙබරවාරි 2 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (19දා) නියෝග කළේය.

එසේම තාජුඩීන්ගේ මරණය සිදුවූ රාත්‍රියේ ඔහු ගමන් කළ වාහනය පිටුපසින් ලුහුබැඳ ගිය බව කියන වාහනය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී පටය කොළඹ විශ්ව විද්‍යාලයට යවා වැඩිදුර විස්තර සහිත වාර්තාවක් ලබාගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමටද විනිසුරු අවසර දුන්නේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top