nsb

Jan 19, 2017

මොළේ උණ වසංගතයක් නෑ

ජැපනීස් එන්සෙපලයිටිස් (මොළේ උණ) වසංගත තත්ත්වයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ගෙවුණු සති 03 ඇතුලත රත්නපුර මහ රෝහලෙන් මොළේ උණ යැයි සැක පහල වූ රෝග ලක්ෂණ සහිත රෝගීන් ආසන්න වශයෙන් 10 දෙනෙකු පමණ වාර්තා වී ඇත.

ඉහත රෝගීන් 10 දෙනා අතුරින් සායනික වශයෙන් ජැපනීස් එන්සෙපලයිටිස් යැයි සැක පහළ කරන රෝගීන් 04 දෙනෙකු රසායනාගාර පරික්ෂණවල නිගමනයට අනුව ජැපනීස් එන්සෙපලයිටිස් බවට තහවුරු වී ඇත.

ඉහත තහවුරු කරන ලද රෝගීන් 04 දෙනා පිළිවෙලින් අවුරුදු 24,30,42,80  වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් සියළු දෙනා මෙි වනවිට සුවය ලබා ඇත.

මෙම රෝගීන් 04 දෙනා රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 04 කට අයත් වෙි. එම නිසා මෙය වසංගත තත්ත්වයක් නොවන සාමාන්‍ය රෝගීන් වාර්තා වීමක් පමණි.

සෑම වසරකම නොවැම්බර් සිට ජනවාරි දක්වා සාපේක්ෂ වශයෙන් මෙම රෝග අවස්ථාවන් වාර්තාවීම ඉහළ අගයක් ගෙන ඇත.
මේ අනුව ජැපනීස් එන්සෙපලයිටිස් රෝග තත්ත්වයේ ඉහළ පැතිරයාමක් ඇති බවට විද්‍යාත්මකව සාක්ෂි නැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top