nsb

Jan 19, 2017

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක්

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පළමු සහ අවසාන සිසුන් හැර දෙවන හා තෙවැනි වසරේ සිසුන් සඳහා තාවකාලිකව විශ්වවිද්‍යාලය වසා තබන බව එහි උපකුලපති ඒ.ඊ. කරුණාකරන් මහතා පැවසීය.

මේ පිළිබඳව ඊයේ (18දා) සිසුන්ට දැනුම්දුන් බවද උපකුලපතිවරයා පැවසීය.

සිසුන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව පසුව දැනුම්දෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ  අවසාන වසර තෙක් නේවාසික පහසුකම් ලබා දීම මෙතෙක් කල් සිදුවුවද පසුගිය 16 වන දා සිට එම පහසුකම හිමි වන්නේ පළමු සහ අවසාන වසර සිසුන්ට පමණක් බව බව දැනුම් දී ඇති බවත් මෙයින් සිසුන් දහසකට අධික ප්‍රමාණයක් අපහසුතාවට පත්ව ඇති බවත් වාර්තාවේ.

මේ අතර, නවාතැන් පහසුකම් ඉල්ලමින් පළමු හා අවසන් වසර සිසුන් පසුගිය සඳුදා (16දා) සිට විශ්විද්‍යාලයේ පදනම් ගොඩනැගිල්ලේ රැඳී සිටිති.

Hostel Accommodation11

Hostel Accommodation 22

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top