Jan 19, 2017

රවිරාජ්ගේ බිරිය ගොනු කළ පෙත්සම විසිවේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහිව එම මන්ත්‍රීවරයා ගේ බිරිය ගොනු කර තිබූ අභියාචන පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.

රවිරාජ් මහතාගේ බිරිය විසින් ගොනු කැරුණු මේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඇය හෝ ඇය වෙනුවෙන් නීතීඥවරයකු ඉදිරිපත් නොවිය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය පෙනී නොසිටීම මත මෙ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

(ලංකාදීප)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top