Jan 20, 2017

සරත් කුමාර ගුණරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සරත් කුමාර ගුණරත්න මහතා පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ නඩුව අද(20දා) කැඳවූ අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top