nsb

Jan 20, 2017

දුමින්ද සිල්වාගේ 'කතාව' ගැන පරීක්ෂණ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකු බන්ධනාගාරයෙන් පැනයාමට ද සූදානමක් තිබූ බවට පළ වූ පුවත්පත් වාර්තාවලින් පසු මේ වන විට ඒ සම්බන්ධව වැලිකඩ බන්ධනාගාරය විසින් පරීක්ෂණයක් පවත්වමින් තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා 'රාවය' පුවත්පතට පවසා ඇත.

මරණීය දණ්ඩනය හිමිවී බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා ඇතුළු භාරත ලක්ෂ්මන් ඝාතනයේ වරදකරුවන් පස්දෙනා බන්ධනාගාරයෙන් පැන යාමේ සූදානමක් ඇති බැවින් ඒ බව සොයාබලා වර්තා කරන ලෙසට නීතිපතිවරයා විසින් බන්ධනාගාරයට නියෝග කර තිබෙන බවට ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණ ද එලෙස නියෝගයක් ලැබී නොතිබුණු බව ද ඔහු එම පුවත්පතට වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

සිදුවීම සම්බන්ධව බන්ධනාගාර බුද්ධි අංශ විසින් ද පරීක්ෂණයක් පැවැත්වෙන බව 'රාවය' පුවත්පත වාර්තා කරයි.

සැලසුම් සහගත මඩක් ?

මෙම සිරකරුවන් බන්ධනාගාරයෙන් පලායාමට සැලසුම් කරන බවට පළමුවෙන්ම වාර්තාකර තිබුණේ එජාපයේ ප්‍රබල ඇමතිවරයකුට අයත් 'ඉරුදින' පුවත්පත විසින් වන අතර ඉන් පසුව එය ආණ්ඩුවේ 'සිළුමිණ' ද වාර්තා කර තිබිණි.

පසුව එය සාමාජ ජාල වෙබ් අඩවිය තුළද ප්‍රචාරයට පත්ව තිබිණි.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල සොයා බැලීමකදී වාර්තා වුයේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ පස් දෙනා රඳවා ඇත්තේ ස්ථාන තුනක බවයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බරපතල රෝගී තත්වයෙන් යුතුව වැලිකඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව අතර, අනූෂ තුෂාර ද මෙල් හා කොවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර යන දෙදෙනා වැලිකඩ වැලිකඩ බන්ධනාගාරයේ ද සිරිනායක පතිරනලාගේ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සී. එම්. ප්‍රියන්ත ජනක බණ්ඩාර යන දෙදෙනා මහනුවර බන්ධාගාරයේ රඳවා සිටිති.

මෙසේ බන්ධනාගාර තුනක රඳවා සිටින පස් දෙනෙකු එකවර පැන යාමක් සිදුවිය හැකිදැයි බන්ධනාගාර ප්‍රධානියකු ගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළකර ඇතැයි කියන මාධ්‍ය ආයතනයෙන්ම විමසන ලෙසයි.


සබැඳි පුවත්

දුමින්ද හා 5ක්, හිරගෙවල් 3ක් බිඳින මාධ්‍ය කුමන්ත්‍රණය !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top