Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 21, 2017

ලසන්තගේ ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරයි !

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ප්‍රශ්නකර තිබේ.

අමාත්‍ය ෆොන්සේකා, ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණ ඇත්තේ හවස්වරුවේදී වන අතර ඔහු නැවත ඉන් පිටව ගොස් ඇත්තේ රාත්‍රී 7ග30ට බව පැවසේ.

කෙසේවුවද, ෆොන්සේකා සිය කටඋත්තරයෙන් මේ ඝාතනයට වගකිවයුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව සඳහන්කර ඇතැයිද පැවසේ.

මේ අතර, ෆොන්සේකා මහතා යුදහමුදාපතිවරයාව සිටියදී ඔහුට සහය දුන් දැනට යාපනයේ සිටින බව කියන  බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට කැඳවා ඇති බව පැවසේ.

කෙසේවුවද එම පිරිස ක්‍රියාත්මක වූයේ ආරක්ෂක අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමන් බවද ෆොන්සේකා මහතා සිය කටඋත්තරයෙන් කියා සිට ඇති අතර ඔහු එම කණ්ඩායම් ක්‍රියාත්මක වූ කඳවුරු සම්බන්ධයෙන්ද ෆොන්සේකා මහතා ආරක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට තොරතුරු ලබාදී තිබේ.

මූලාශ්‍රය - ශ්‍රී ලංකා එඩිෂන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top