Jan 21, 2017

සුභ පණිවිඩයක් – හෙට සිට තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට සිට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලට එලෙස වැසි අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පැවසිය.

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවල (මි.මී.100 ට වැඩි) තද වැසි ඇතිවිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

අද (21) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රීක්කවල ස්ථාන කිහිපයකින් තද වැසි වාර්තා වූ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම කාල සීමාවේ දී මිලිමීටර් 62.05ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ අරලංගන්විල ප්‍රදේශයෙනි.

(නෙත් නිව්ස්)

සටහන

Capture 2 696x514

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top