nsb

Jan 22, 2017

විධායක ජනාධිපති ක්‍රමය : මෛත්‍රීගෙන් යළි සහතිකයක්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මුළුමනින්ම එකඟ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) තමා ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් හමුවේ යළිත් අවධාරණය කර සිටි බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ මහතා පැවසිය.

ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට රටපුරා ප්‍රචාරක කටයුතු දියත් කරන ලෙසද ජනාධිපතිවරයා සිවිල් සංවිධාන ප්‍රධානීන්ට දැනුම් දුන් බවද වියන්ගොඩ මහතා කියා සිටියේය.

ඔහු එබව සඳහන් කලේ බත්තරමුල්ල වෝටර්ස් එජ්හි අද (22) පස්වරුවේ පැවති විශේෂ හමුවකදීය.

ජනවාරි 08 ජයග්‍රහණයට දායකවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබු මෙම සංවාදශීලි හමුවට එම සටනට ඊට දායකවූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියේය.

ජනමත විචාරණයක් :

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවට බල කිරීම සඳහා පැවති සිවිල් ක්‍රියාකාරිකයින්ගේ මෙම හමුවේදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා එකහෙලා පක්ෂ බව අවධාරණය කර සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් රාජ්‍ය නායකයින් හමුවේ එය අවධාරණය කර ඇතැයි පැවසු ඇමතිවරයා, ඊයේ දිනයේ ද ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව පැවසු බව කියා සිටියේය.

ස්ථාවරයේ වෙනසක් නැහැ :

මෙම හමුවට සහභාගිවූ ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුයේ, පොරොන්දු වූ පරිදිම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇති බවයි.

ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතාවට දුන් පොරොන්දු තම බලතල අඩුකරගත් රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව සිහිපත් කල ශ්‍රීලනිප ලේකම්වරයා, විධායක බලතල මුලුමනිම අහෝසි කිරීමට ඔහුට අවශ්‍ය වී තිබුනද නිතිය ඊට හරස් වූ අකාරය ද පැහැදිලි කළේය.

2020 දී ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව තමා මහජන රැලියකදී පැවසුයේ, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැකි තත්වයක් මතුවුවහොත් ඇතිවන දේශපාලන වටපිටාව ගැන සලකමින් බව ද ඔහු පැහැදිලි කළේය.

අගමැතිත් එකඟයි :

මෙම හමුව ඇමතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනතාවට පොරොන්දු වූ අකාරයටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද එකඟවී ඇතැයි කියා සිටියේය.

මේ අතර, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී 'බීබීසී' ය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් පවසා නැති බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වෙනස් වී ඇතැයි විශ්වාස නොකරන බවයි.

සබැඳි පුවත්


නව ව්‍යවස්‌ථාව ගෙන්න - සිවිල් සංවිධාන ගොනුවේ

'ජනපති ස්ථාවරයේ වෙනසක් නෑ' - අගමැති

"2020 දී ජනාධිපතිවරණයක් නැහැ"- රාජිත

සිවිල් සමාජය මෛත්‍රීට එරෙහිවන ලකුණු !

'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි.

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජාප

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top