Jan 25, 2017

බැඳුම්කරයෙන් උපයාගත් මුදල රාජසන්තකයි !

මහබැංකු බැදුම්කර ගණුදෙනුවෙන් නීතිවිරෝධීව උපයාගත් මුදලක්වේ නම් එය රාජසන්තක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කළ බවත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා කියාසිටියි.

මහබැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව පිළිබද ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අනුර රහසක් හෙළිකරයි :


මෙම විවාදය ආරම්භ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුයේ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 14,900 ක පාඩුවක් සිදුව ඇති බවයි.

මෙම ගනුදෙනුව පිළිබඳ ඉදිරි විමර්ශන කථානායකවරයා යටතට පවරා ගන්නා ලෙසද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදෙන නිර්දේශ පිළිගැනීමට ආණ්ඩුව සූදානම් බවයි.


සබැඳි පුවත් :

'බැඳුම්කරය' විමර්ශනයට ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් !
බැඳුම්කර’ කොම්පැනියේ ගිණුම් අත්හිටුවේ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top