Jan 25, 2017

මෑන්පවර් සේවකයින්ට ඇප (update)

විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ  ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත මුදාහැර තිබේ.

මෙම පිරිස අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදාහැර තිබේ.

-------------------------------------------------------

මෑන්පවර් සේවකයින් 37ක් අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල   අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි මෑන්පවර් සේවකයෝ 37ක් පොලිසිය විසින් ඊයේ (24දා) මධ්‍යම රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලිබල අමාත්‍යංශයට තාවකාලික පදනම මත බඳවාගෙන ඇති තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින ගණනාවක සිට ඔවුහු උපවාසයක නිරත වූහ. එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබුණු අතර  සැකකරුවන් එය නොතකා දිගටම විරෝධතා පැවැත්වූ බව පොලිසිය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top