Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Jan 25, 2017

රයිගමයයි ගම්පලයයි එකුතු කරපු බටගොඩයා

නූතන රයිගමයා හා ගම්පලයා වෙසෙන්නේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ බව කැෆේ සංවිධානයේ ප්‍රධානී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
 
ඔහු මෙසේ කියා සිටින්නේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් එම අමාත්‍යංශයේ අමාත්‍ය ධූරය හොබවන රංජිත් සියඹලාපිටිය හා එහි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පත්මකාන්ත පෙරේරා යන දෙදෙනා ගැනය.
 
සාමාන්‍යයෙන් ඇමති හා නියෝජ්‍ය ඇමති පක්ෂ දෙකකින් පත්ව ඇති අමාත්‍යංශ සියල්ලකම “යහ පාලන කඹ ඇදිල්ල “ දක්නට ලැබුණ ද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ එය දක්නට නොලැබෙන්නේ එහි ලේකම් වන ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා මොවුන් දෙදෙනාම හීලෑ කර ගැනීමට සමත්වීම නිසා යැයි කීර්ති මහතා කියා සිටී.
 
මේ හීලෑවීම ගල්අඟුරු ගනුදෙනුව නිසා සිදුවූවක් බවද ඒ මහතා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් කියා සිටියේය.
 

 

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top