nsb

Jan 25, 2017

කරූ නීතිපතිගෙන් කෝප් කෙරුවාව අහයි

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව නීතිපතිට යොමු කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද දින (25 ) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මීට ඉහතදී, මෙම සභා ගර්භයේදී විවාද කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට කලින් කල ඉදිරිපත් කරන ලද වාර්තා ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ අවස්ථා දැනගැනීමට නොමැති නමුත් එලෙස කිරීම යහපත් පූර්වාදර්ශයක් වනු නොඅනුමාන යයි ඔහු එහිදී කියා සිටියේය.

ඉදිරියේදී ද පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා විසින් කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන එවැනි වාර්තා වැඩිදුර කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීම ඉතාමත් යහපත් මෙන්ම කාලෝචිත ක්‍රියාමාර්ගයක් වන බව තමාගේ හැඟීම බවද කතානායක වරයා කියා සිටියේය.


සබැඳි පුවත්


මහ බැංකුව අගමැතිගෙන් ගලවන්න - ජනපතිගෙන් ඉල්ලීමක්

'බැඳුම්කරය' විමර්ශනයට ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් !

බැඳුම්කර’ කොම්පැනියේ ගිණුම් අත්හිටුවේ?

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top