Jan 25, 2017

ණය ගෙවන්න වසරකට ඩොලර් කෝටි 400ක් අවශ්‍යයි - රනිල්

ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය ගෙවීමට 2018, 2019 හා 2020 වසරවලදී ඩොලර් කෝටි 400 බැගින් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) ජාතික තරුණ සේවා සභාවේ පැවැති යොවුන් පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය අමතමිනි.

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ විදේශ ආදායම පිළිබඳව සලකා බැලුවද එම ණය ගෙවීමට එය ප්‍රමාණවත් නොවන බව පැවසූ ඒ මහතා, එසේම 2016 – 2026 කාලය ශ්‍රී ලංකාව විශාල ලෙස ණය ගෙවිය යුතු බවද කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top