Jan 26, 2017

දුමින්ද ගැන ස්නායු ශල්‍ය වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

මරණිය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (26) නියෝග කළාය.

ඒ, දුමින්ද සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ගොනු කර තිබු නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය.

නඩුව පෙබරවාරි 13 වැනි දා යළි කැඳවිමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top