Jan 26, 2017

ලහිරු වීරසේකර රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩ කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පෙබරවාරි හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(26 දා) නියෝග කළේය.

උද්ඝෝෂණවලට සහභාගී විය නොහැකි බව කියමින් ඔහුට ඇප කොන්දේසි පනවා තිබිණි.

එම ඇප කොන්දේසිය කඩ කරමින් ඔහු උද්ඝෝෂණයකට සහභාගී වීයැයි පොලිසිය සදහන් කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top