nsb

Jan 27, 2017

පෙරළිය අරඹන්න MR අද නුගේගොඩ

ඒකාබද්ධ විපක්‌ෂයේ "පෙරළියක ඇරඹුම" ජනරැළිය අද (27 දා) පස්‌වරු 2.30 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවේ.

මෙම ජන හමුවට ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු පක්‌ෂ නායකයන් මෙන්ම පළාත් සභා මැති ඇමැතිවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක්‌ රැස්‌ වන බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායකයෝ පැවැසූහ.

ආණ්‌ඩු විරෝධී සියලු බලවේගයන්ගේ ඒකරාශි වීමෙන් පැවැත්වෙන මෙම රැලිය ඓතිහාසික රැලියක්‌ වනු ඇතැයි ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

රට බෙදන ව්‍යවස්‌ථාවට, මැතිවරණ කල් දැමීමට, ජීවන වියදම ඉහළ යැමට, රාජ්‍ය ආයතන විකිණීමට, හොරකමට එරෙහිව මෙම ජන රැලිය සංවිධානය කර තිබෙන බවද ඔහු පැවසිය.

එහිදී සිරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කල  විශේෂ ප්‍රකාශයක්‌ද රැලියෙදී විකාශය කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top