15976 BM WEB BANNER 01
Jan 27, 2017

‘හම්ප්හෙඩ්‘ දඩයම නවත්වන්න

හම්ප්හෙඩ් නමැති මුහුදු මාළු විශේෂය මැරීම වළක්වන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය හා සංවර්ධන කාර්යංශය (නාරා) ධීවර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම මත්ස්‍ය විශේෂය උණවටුන මුහුදු ප්‍රදේශයේ බහුලව ගැවසෙන බව අතර  එවැනි මත්ස්‍යයකු මරා එහි ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබීම හේතුවෙන් ගැටලු මතුවී ඇති බවත් නාරා ආයතනය පෙන්වා දෙයි.

දුර්ලබ මාළු විශේෂයක් ලෙසත් ශීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂයක් ලෙසත් හම්ප්හෙඩ් මාළුන් ජාතයන්තර පරිසර ආරක්ෂණ එකමුතුව (අයියූසීන්) රතු දත්ත පොතටද ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් නීති ඇතුළත් කර එම මසුන් මැරීම නැවැත්වීමට වහා පියවර ගන්නැයි නාරා ආයතනය කියයි.

Hamphead 1

Hamphead 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top