nsb

Jan 30, 2017

දුම්කොළ සමාගම ගුදම් දෙකක් වසා දමයි !

අනුරාධපුර සහ සීගිරිය ප්‍රදේශවල පිහිටි දුම්කොළ ගුදම් දෙකක් වසාදැමීමට තමන් තීරණයකර ඇති බව ලංකා දුම්කොළ සමාගම අද (30) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සමාගම කියා සිටින්නේ සිගරට් අලෙවිය පහළයාම නිසා දුම්කොළ ගුදම් 4ක් වසාදැමීමට සිදුවනු ඇති බව පසුගිය වසරේ දෙසැම්බරයේ පැවසූ බවද එහි සඳහන් වේ.

මෙහි ප්‍රථම අදියර ලෙස අනුරාධපුරයේ සහ සීගිරියේ පිහිටි දුම්කොළ ගුදම් වසාදැමීමට සමාගම තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ හේතුව නිසා එම ප්‍රදේශවල දුම්කොළ වගාවෙන් යැපුණු 2,000ක පමණ පිරිසකට සිය ජීවනෝපාය මාර්ග අහිමි වනු ඇතැයිද කියන එම සමාගම වාර්ෂික අදායම රුපියල් මිලියන 200කින් පමණ පහළයනු ඇති ඇති බවද කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top