Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 31, 2017

විජිතට නරක කාලය උදාවෙයි : CID ය අත්අඩංගුවට ගනියි

පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා සාර්ථක වූවා යැයි පවසමින් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් විජිත රෝහණ නම් 'කණා වැකිකරුවා’ ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනවාරි 26 වැනිදාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජිවිතයට ප්‍රභල තර්ජනයක් ඇති බවත් එයින් බේරීමට ඔහුට නොහැකි බවත් මීට වසරකට පමණ ඉහතදී ඔහු විසින් දිගින් දිගට අවධාරණය කරමින් අන්තර් ජාලය හරහා මාධ්‍ය ප්‍රචාරයක් දියත්කර තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවත්, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ජයගන්න බවත්, ඉන්දියානු අගමැති ලෙස මොදී පත්වන බවත් විජිත රෝහණ නම් 'කණා වැකිකරුවා ඉදිරිපත් කල සාර්ථක වූ අනාවැකි ලෙස අන්තර්ජාලයේ සදහන්ව ඇත.

කෙසේවුවද ඔහු වැනිම කණා වැකිකරුවකු වන ඉන්දික තොටවත්ත නැමැත්තා විජිත රෝහණට ජනවාරි 26 සෙනසුරු මාරුවෙන් ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදාවන බව පවසමින් වීඩියෝවක් අන්තර්ජාලයට යොදා තිබිණි.

අදාළ විඩියෝව පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top