nsb

Feb 03, 2017

පොලිස් ප්‍රහාරයට විරෝධය

වෛද්‍ය සිසුන්ට පහර දීමට විරෝධය පා වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා රෝහල් රැසක කටයුතු අඩාල වී ඇතැයි වාර්තාවේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පා ඊයේ(02දා) පැවැති වෛද්‍ය සිසු උද්ඝෝෂණයට එල්ලකළ පොලිස් ප්‍රහාරයට විරෝධය පෑමක් ලෙසට අද සංකේත වර්ජනයක නිරතවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශකර සිටියේය.

ගුරු සංගමයත් සහායට

unnamed

මීට අමතරව ලංකා ගුරු සංගමයද  නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටින්නේ මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණය කළ ශිෂ්‍යයින්ට, ශිෂ්‍යාවන්ට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට එලව එලවා පහර දුන් නින්දිත ආකාරය දැඩි පිළිකුළින් හෙළා දකින බව හා මර්දනයන්ට එරෙහිව දැඩි විරෝධය පළ කරන බවයි.

එසේම ආණ්ඩුව සමග සිටිමින් නිදහස් අධ්‍යාපනය විකිණීම සාධාරණීකරණය කරමින් සිටින වාමාංශික යයි කියා ගන්නා කණ්ඩායම් හා ප‍්‍රගතිශීලීන් යයි කියා ගන්නා කණ්ඩායම්වල හැසිරීම ද ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකින අතර මෙම අවස්ථාවේ මාළඹේ සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමට එරෙහි විරෝධතාවලට එක්වන ලෙස එම සංගමය සමස්ත ගුරු ප‍්‍රජාවෙන්ම ඉල්ලා සිටීයි.

සබැඳි පුවත්

වෛද්‍යවරු ආණ්ඩුවට සතියක් කල්දෙයි

වෛද්‍යවරු පැය 4ක් වර්ජනයේ : වෛද්‍ය සිසුන්ට ඇප

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top