15976 BM WEB BANNER 01
Feb 03, 2017

ටෙන්ඩරය නැවැත්තුවේ ඖෂධ මාෆියාවයි - බුද්ධික

තම සමාගම ගෙන්වූ Nimotuzumab Injection 50mg  නැමැති පිළිකා ඖෂධය ආනයනය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අත්හිටුවනු ලැබුවේ ඖෂධ මාෆියාවේ තවත් මුහුණුවරක් ලෙස බව එම ඖෂධය ගෙන්වූ 'Medmart Pharma (Pvt) Ltd ආයතනයේ සාමාන්‍යධිකාරී බුද්ධික රොඩ්රිගෝ මහතා කියයි.
 
අදාළ ඖෂධය ගෙන්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
 
මෙම සමාගම මීට ප්‍රථම වෙනත් සමාගමක නාමයෙන් පිළිකා ඖෂධ ආනයනය කර විවිධ විෂමාචාරයන් සිදු කර ඇති බවට එල්ලවන චෝදනාද ප්‍රතික්ෂේප කර සිටි ඒ මහතා, සිය සමාගමට මීට පෙර වෙනත් කිසිදු සමාගමක් සමඟ සම්බන්ධතා නොපැවති බවද බුද්ධික මහතා පැවසීය.
 
එසේම, ඖෂධ ගෙන්වීමට අවසර ලබාගත්තේ ඒ සඳහා පිළිපැදිය යුතු නිවරදි ක්‍රමවේදයන් සියල්ල අනුගමනය කර බවද ඔහු කියා සිටියේය.
 
එම ඖෂධය ආනයනය කිරීමට නියමිතව තිබූ සමාගම පිළිබද පැමිණිලි රැසක් ලැබීම හා පොලිස් පරීක්ෂණයක් ක්‍රීයාත්මක බැවින් එය නැවැත්වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබිණි.

පිළිකා රෝගීන් සදහා ලබාදෙන Nimotuzumab Injection 50mg    නැමැති මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට එම සමාගම කටයුතු කර තිබුනි. 

එම ඖෂධ 600 ක් මෙලෙස ආනයනය කිරිමට නියමිතව තිබූ අතර, එහි එක් ඖෂධයක වටිනාකම රුපියල් 51,500 ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය සදහන් කරයි. 

එම ටෙන්ඩරය අවලංගු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාටය.

සබැඳි පුවත් :

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි !

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top