Feb 04, 2017

69 වැනි නිදහස්‌ සමරුව අද : ස්වදේශික චින්තනය ඔස්සේ

'ජාතික සමගිය' තේමා කරගෙන පැවැත්වෙන අභිමානවත් 69 වැනි නිදහස්‌ සැමරුම් උළෙල අද (04 දා) ගාලුමුවදොරදී පැවැත්වේ.

වසර ගණනාවක් විවිධ විදේශීය ජාතීන්ට යටත් වී සිටි ශ්‍රී ලංකාව ඔවුන්ගෙන් නිදහස ලැබූයේ 1948 වසරේදීය.

මානවයා ස්වකීය නිදහස උදෙසා කරන ලද අරගල නිසා මානව ඉතිහාසය විචිත්‍රවත් වී ඇතැයි අදට යෙදී ඇති ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සියවස් ගණනාවක් ඈතට ඇදී යන රාජාණ්ඩු යුගයේ සිට ශ්‍රී  ලංකාවේ ද එවැනි අරගල සිදුවූ බව එම නිවේදනය මගින් සිහිපත් කර ඇත.

 එම නිදහස් අරගල වෙනුවෙන් කැපවූ සියලූදෙනාට අප ණය ගැති වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදට යෙදී ඇති 69වන ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක සහ අභියෝගාත්මක බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

 ආසන්න අතීතයේදී අත්පත් කරගන්නා ලද ප්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීමේත්, ස්වදේශික චින්තනය ඔස්සේ සියලූ ජන කොටස්වලට අභිමානයෙන් ජීවත් විය හැකි වඩා හොඳ රටක් නිර්මාණය කිරීමේත් වගකීම සියලූදෙනාට මේ මොහොතේ පැවරී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.


නිදහස වඩා අර්ථවත් කිරීම :


මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අභිමානවත් දේශයක් නිර්මාණය කිරීමට නම් ස්වාර්ථ පසෙකලා සියලූදෙනා එක්සත් ශ්‍රී  ලාංකීය ජනතාවක් ලෙස රට වෙනුවෙන් වෙහෙසී කටයුතු කළ යුතු බවයි.

ලබාගත් නිදහස වඩා අර්ථවත් කිරීම කිහිපදෙනෙකුගේ නොව සියලූදෙනාගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ජනතාවගේ ආර්ථික, සමාජයීය සහ ආධ්‍යාත්මික නිදහස තහවුරු කිරීමට තවදුරටත් කැපවන බවද එම නිවේදනයේ සඳහන්වේ.

ගැටලූ විසඳීමේදී ඒවාට හේතු වූ කරුණු :


මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රටේ අනාගතය තීරණය වන්නේ සාධාරණ හා පිළිගත හැකි පොදු එකඟතාවන්ට අනුව පවතින ගැටලූ විසඳාලීමෙන් බවයි.

ගැටලූ විසඳීමේදී ඒවාට හේතු වූ කරුණු හඳුනා ගැනීම ද වැදගත් වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top