nsb

Feb 06, 2017

කුසල්ගේ උපන්දිනය දා හොරු ගේ බිඳලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අයත් ගොරකානේ පිහිටි නිවස සොරු බිඳ ඇතැයි වාර්තා වේ.

මේ සොරකම සිදුව ඇත්තේ ඔහුගේ උපන්දිනය යෙදී තිබූ දිනයේදීම බව පැවසේ.

නිවසේ තිබූ රන් මුදු 06ක්, රන් වළලු 03 ක්, මාල දෙකක් සොරුන් විසින් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

කුසල්ගේ මාලය සහ පෙන්ඩනය ද මෙලෙස සොරාගෙන ගොස් ඇති ඇති බව පැවසේ.

මෙම සිද්ධිය පිළිබඳව මේ වන තෙක් කුසල් මෙන්ඩිස් නොදන්නා බවත් ඔහුව දැනුවත් කිරීමට පවුලේ අය කටයුතු නොකර ඇති බවද වාර්තා වේ.

කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top